26.7 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි වාහන නිෂ්පාදනයට ලොව ප්‍රමුඛ සමාගම් 3ක්

විදුලි වාහන නිෂ්පාදනයට ලොව ප්‍රමුඛ සමාගම් 3ක්

විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ සඳහා අනාගතයේ වැඩි ඉල්ලුමක් ඇති වී තිබේ.

ඒ සඳහා මේ වනවිට ලොව විවිධ සමාගම් අවධානය යොමු කර ඇත. මේ අතර ප්‍රංශයේ රෙනෝල්ට් සමාගම සහ ජපානයේ නිසාන් හා මිට්සුබිශී සමාගම් එකතු වී විදුලි වාහන නිෂ්පාදනයට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සඳහා ඔවුන්ගේ ආයෝජන වැඩි කිරීමට සැලසුම් කර තිබේ. ප්‍රංශ සහ ජපාන සමාගම් එකමුතුව අනාගත විදුලි වාහන ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදනය වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙයි.

ඒ අනුව ඉදිරි වසර 5 තුළදී ඩොලර් බිලියන 23ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ. එහිදී කාණ්ඩ 5ක් යටතේ 2030 වනවිට විදුලි වාහන මාදිලි 30ක් පමණ නිර්මාණය කිරීම එම සමාගම්වල සැලසුම වී තිබේ.