26.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිනේෂ්ගේ මරණයට හේතු හොයන්න පංච පුද්ගල කමිටුවක්

දිනේෂ්ගේ මරණයට හේතු හොයන්න පංච පුද්ගල කමිටුවක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා අධිකරණ හා වෝහාරික වෛද්‍ය විශේෂඥයන් පස් දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද නියෝග කළා.

ඒ අනුව මහාචාර්ය අසේල මෙන්ඩිස්, මහාචාර්ය ඩී.සී.ආර්.පෙරේරා, මහාචාර්ය ඩී.එන්.පී ප්‍රනාන්දු, වෛද්‍ය සිවසුබ්‍රමනියම් සහ වෛද්‍ය රුවන්පුර යන අය එම පරීක්ෂණ මණ්ඩලය සඳහා පත් කර තිබෙනවා.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව ඉදිරිපත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ පරස්පරතාවයන් දක්නට තිබු බැවින් ඒ පිළිබඳව පුළුල්ව අධ්‍යයනයක් කර මරණයට හේතුව නිගමනය කිරීම සඳහා මහේස්ත්‍රාත්වරිය විසින් මෙම පරීක්ෂණ කමිටුව පත්කරනු ලැබුවා.