― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඉතාලි බෝට්ටු අනතුරින් මියගිය ගණන තවත් ඉහළට

ඉතාලි බෝට්ටු අනතුරින් මියගිය ගණන තවත් ඉහළට

දකුණු ඉතාලියට ඔබ්බෙන් වූ මුහුදේ දී අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝටිටුවක් ගිලි යාමෙන් මේ වන විට සංක්‍රමණිකයන් 62 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරෙන් එහි ගමන් ගත් ළමයින් ද ඇතුළුව 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි බලධාරීන් සැක පළ කරන්නේ.

අනවසර සංක්‍රමණිකයන් 200 රැගෙන යාත්‍රා කළ මෙම යාත්‍රාව ඉතාලියේ ක්‍රෝටෝන් අසලට ගොඩබෑමට උත්සාහ කිරීමේදි ගිලි ගිය බවටයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇෆ්ගනිස්තානය, පාකිස්ථානය, සෝමාලියාව සහ ඉරානය යන රටවලින් පැමිණි අනවසර සංක්‍රමණිකයන් එහි ගමන් කළ බවයි.

අනතුරෙන් මියගිය අය අතර කුඩා දරුවෙකු ද ඇතුළුව ළමුන් 12 දෙනෙකු ද සිටින බව මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බෝවිටුව ගිලි යාමෙන් පසු වෙරළට ළඟා වීමට සමත් වූ පුද්ගලයින් 80 දෙනෙකු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇති බවයි ඉතාලි වෙරළාරක්ෂක බළකාය පැවසුවේ.