― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකමරාගොඩින් මගුල් පොකුරක්

කමරාගොඩින් මගුල් පොකුරක්

මිනුවන්ගොඩ කමරාගොඩ ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකින් අනතුරුව වැඩිමහල් මනමාල මහතා ඇතුළු 26 දෙනකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබේ.

එකම පවුලේ අයියා සහ මල්ලි එකම දිනයේදී විවාහපත් වී ඇති අතර සඳලංකාව ප්‍රදේශයේ දේවස්ථානයක විවාහ දෙක සිදුකර ඇති බව වාර්තා වෙයි.

දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක දෙවැනි දවසේ උත්සවය පවත්වා ඇති බව සෞඛ්‍ය ආරංචිමාර්ග පවසයි. මෙම මංගල උත්සවයට දෙපාර්ශවයේම 350 දෙනෙකු පමණ සහභාගි වී ඇති අතර එක් මනාලයෙකු ඇතුළු තවත් පස් දෙනකු ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන් අනතුරුව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කමරාගොඩ රෝමානු කතෝලික දේවස්ථාන භූමියේදී මංගල උත්සවයට සහභාගී වූවන්ගෙන් 28 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සදහා යොමු කර තිබේ. එයින් 26 දෙනකු ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

කමරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් රැසක් මේ වන විට නිවෙස් තුළ නිරෝධායන සඳහා යොමු කර ඇත. නිරෝධායනය සඳහා යොමුකර ඇති සමහරක් පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරන බවත් මංගල්‍ය උත්සවයට සහභාගි වූ කිහිප දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සදහා යොමු නොවී ඇති බවත් සෞඛ්‍ය බලධාරීන් පවසයි.