27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportFIFA සම්මාන උළෙලේ 'වසරේ හොඳම ක්‍රීඩකයා සම්මානය' මෙසීට

FIFA සම්මාන උළෙලේ ‘වසරේ හොඳම ක්‍රීඩකයා සම්මානය’ මෙසීට

2023 FIFA සම්මාන රාත්‍රිය ප්‍රංශයේ පැරිස් නුවරදී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

ලොව පුරා සිටින සුපිරි පාපන්දු තරු රැසක් සහභාගී වී සිටි මෙවර සම්මාන රාත්‍රියේදී හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව වන ලියොනල් මෙසීට හැකියාව ලැබුණා.

වසරේ හොඳම පාපන්දු ක්‍රීඩිකාවට හමී සම්මානය හිමිකර ගත්තේ ස්පාඤ්ඤ ක්‍රීඩිකා ඇලෙක්සියා පුටෙලස් විසින්. මේ අතර වත්මන් පාපන්දු ලෝක ශුරන් වන ආර්ජන්ටිනා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලයනල් ස්කලෝනි වසරේ FIFA පුහුණුකරු ලෙස තේරීපත් වුණා.

වසරේ FIFA පුහුණුකාරිනිය බවට මෙවර සම්මානයට පාත්‍ර වුණේ කාන්තා යුරෝපීය ශූරතාවලියේදී එංගලන්තය ශූරතාව දිනාගැනීමට දායකත්වය ලබා දුන් සරීනා විග්මන් වීම විශේෂත්වයක්.

කාන්තා ගෝල රකින්නිය සම්මානය යුරෝ ජයග්‍රාහී එංගලන්ත පිළේ මේරි ඉර්ප්ස් හට හිමි වූ අතර හොඳම පිරිමි ගෝල රකින්නා ලෙස ආර්ජන්ටිනා කණ්ඩායමේ ගෝල රකින්නාවන එමිලිනෝ මාර්ටිනෙස් සම්මානයට පාත්‍ර වුණා.