28.9 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබසයක් තුළදී හෙදියකට හදි කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

බසයක් තුළදී හෙදියකට හදි කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

කොළඹ සිට අලුත්ගම දක්වා ධාවනය වූ ලංගම බස් රථයක නිල ඇඳුමෙන් ගමන් කරමින් සිටි පුහුණු හෙදියකට ලිංගික හිංසනයක් සිදුකර ඇති බව කියන පොලිස් පරීක්ෂකවරයෙකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිවිල් ඇඳුමෙන් සැරසී සිටී පොලිස් පරීක්ෂකවරයා ඊයේ (27) පස්වරුවේ එම හෙදියට බස් රථය තුළ දී ලිංගික හිංසනයක් කර ඇති බවටයි පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇය අසළ රැඳී සිට පපු ප්‍රදේශයේ අත ගෑ බවට පුහුණු හෙදිය බසයේදී පැවසීමත් සමගින් උරණ වූ මගීන් පොලිස් පරීක්ෂකවරයාට පහරදී පොලිසියට භාරදී ඇති බව සඳහන්.

අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පොලිස් කොට්ඨාසය යටතේ ඇති පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙසින් රාජකාරි කරන 54 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.