26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට සිට බස් රථවලට අලුත් නීතියක්

හෙට සිට බස් රථවලට අලුත් නීතියක්

හෙට (01) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් නොකරන සියලුම පෞද්ගලික බස් රථවල මාර්ග බලපත්‍ර අහෝසි කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා අවධාරණය කළේ හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම හෙට සිට අනිවාර්ය කර තිබෙන බවත් මේ අනුව එම මධ්‍යස්ථානය ඉදිරියෙන් මගීන් නංවාගැනීම හෝ බැස්සවීම සපුරා තහනම් බවත්ය.

රජය ගෙන ඇති මෙම තීරණය ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා ලංකා ගමනාගමන මණ්ඩලය වෙතත් බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙතත් දැනුම් දී තිබේ.