වෛද්‍යවරුන් 2500ක් අලුතින් බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පැවසුවේ ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බවයි.
ඒ අනුව ඉදිරියට වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති නොවන බවත් සමහර ක්ෂේත්රවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් ලේකම්වරයා අවධාරණය කළේය.