30 C
Colombo
Tuesday, March 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorld29 දෙනෙකුට දිවි අහිමි කළ දුම්රිය අනතුර

29 දෙනෙකුට දිවි අහිමි කළ දුම්රිය අනතුර

උතුරු ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 29 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර මෙලෙස එකිනෙක ගැටී ඇත්තේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් බවයි වාර්තා වන්නේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 17ක් යොදවා ඇති අතර අනතුරට ලක් වූ මගී දුම්රිය තෙසලෝනිකි සහ ලැරිසා නගර අතර ධාවනය වෙමින් තිබී ඇත.

ඊයේ (28) සවස ලැරිසා නගරය ආසන්නයේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ මගීන් මුදා ගැනීමට මෙන්ම අනතුර හේතුවෙන් ඇති වූ ගින්න නිවා දැමීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කර තිබේ.