පසුගිය වසරේ මැයි මාසයේ පැවති විරෝධතාවයේදී නිවාස 180 කට සහ වාහන 100 කට හානි සිදු වූ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
කෙසේවෙතත් මේ හේතුවෙන් ජීවිත හානියක් සිදුවී නොමැති බව වාර්තා වන බවයි නියෝජ්‍ය රසායනාගාර පරීක්ෂක පී.ජී. මඩවල අධිකරණයට දන්වා ඇත්තේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවකට අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනි තැබීම සඳහා කිසිවිටෙකත් ඉන්ධන භාවිත නොකළ බවට අනාවරණය වී ඇති බවයි.