27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් ජීප් රථයේ අසභ්‍ය වදන් ලියලා

පොලිස් ජීප් රථයේ අසභ්‍ය වදන් ලියලා

ජා ඇළ පොලිස් ගරාජයේ නවතා තිබූ ජිප් රථයක තැන තැන අසභ්‍ය වැකි ලියා එම ජීප් රථය සූරා අලාභ හානි කර ඇති බව වාර්තා වෙයි.

මෙම ජීප් රථය පදවන සැරයන්වරයා ජීප් රථය සෝදා පිරිසිදු කිරීම සඳහා පෙරේදා (27) පොලිස් ගරාජයේ නවතා ගොස් ඇති අතර ඔහු යළි පැමිණි අවස්ථාවේදී ජීප් රථයේ ඉදිරිපස සහ දොරවල්වල අසභ්‍ය වැකි ලියා ඇති අයුරු දැක තිබේ.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ මෙම පොලිස් ගරාජයට පිටස්තර පුද්ගලයන් ඇතුළු නොවන බවයි. කෙසේවෙතත් එම ක්‍රියාව සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.