28 C
Colombo
Thursday, May 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදැරියන්ගෙ නිරුවත් ඡායාරූප ෆේස්බුක් පළකරන ජාවාරමක්

දැරියන්ගෙ නිරුවත් ඡායාරූප ෆේස්බුක් පළකරන ජාවාරමක්

Austring නැමති දැරියන්ගෙ අඩ නිරුවත් ජායාරූප පල කරන පිටුව හරහා අදාල ජායාරූප ශිල්පියා ගෙන ගිය මහා භයානක ජාවාරම අප හෙලි කරගත්තෙ මෙසේය..

මේ ඒ පිලිබඳ ලමාරක්ශක අධිකාරියේ සභාපතිවරයාගෙ අත්සනින් යුතුව අද නිකුත් කල ප්‍රවෘත්ති නිවේදනයයි.. අවසානයේ හෝ ඒ පිලිබඳ පියවර ගැනීම ගැන සභාපති අමරසිංහ මහතාට මගෙ විශේශ ස්තුතිය පිරිනමමි!! මා හෙලිකරගත් දරුණු ජාවාරමෙහි තතු එකිනෙක කිවහැකි ප්‍රමාණයක් දක්වා මම ඔබට මෙසේ කියමි..මෙම අමුතුම ආකාරයෙන් පවත්වාගෙන යන ජයාරූප පිටුව ගැන මුලින්ම මා දැනුවත් කලේ Shalika Chularatna යන මා හිතවත් වෛද්‍යතුමියයි.

එතුමියගෙ දැනුවත් කිරීම ඔස්සෙ මා කෙමෙන් කෙමෙන් ක්‍රියාත්මක වී බොහෝ දෙනාගෙ උදව් උපකාර ඇතුව සොයාගත් තොරතුරු මෙසේයසම්පත් නැමති කොළඹට නුදුරු ප්‍රදේශයක ජායාරූප ශාලාවක් පවත්වාගෙන යන මේ ජායාරූප ශිල්පියා මෙකී කටයුත්තට පෙර ජනප්‍රියව සිට ඇත්තෙ ඔස්ට්‍රේලියාවට සහ වෙනත් විවිධ රටවලට වීසා ලබාගැනීම සඳහා මුදල් ලබාගෙන යම් යම් අයට උපකාර කල අයෙක් ලෙසය..මෙහිදීත් මොහු සිදුකල මුල්‍ය වංචා කිහිපයක් ගැන මට තොරතුරු ලැබී ඇත..එයින් පසුව මොහු වයස 05-11 ත් අතර කුඩා දැරියන්ගෙ ජායාරූප ගැනීම සඳහා යොමු වී ඇත.. මේ ජායාරූපකරණය වෙනත් ජායාරූපකරණයකට වඩා වෙනස් වන්නෙ මෙසේය..මේ සඳහා මේ පුද්ගලයා තෝරාගනු ලබන්නෙ ගම්වල සිටින දුප්පත් පවුල් වල දැරියන් හෝ ලමා නිවාස වල හා ලමා සමාජවල සිටින දැරියන්‍ ය..මුලින්ම ගම්වල සිටින පෙනුමෙන් යුත් දැරියන් ගැන මොහු ආරංචි මාර්ග වලින් සොයා බලයි.. ඉන් පසුව අදාල නිවෙස් සොයාගෙන යන මොහු නිවැසියන්ට පවසන්නෙ සිංගප්පුරුවේ පැවැත්වෙන ජායාරූප තරඟයක් සඳහා දැරියන්ගෙ ෆොටෝ ලබාගන්නා බවයි.. ඒ සඳහා සමහර පවුල් වලට රුපියල් 15000 සිට 50000 දක්වා මුදල් වරින් වර ලබා දී ඇති අතර මේ පවුල් වල දෙමාපියන් සහ දරුවන් වෙනුවෙන් අත දිග හැර කන්න බොන්න අරන් දීම ඇඳුම් පැලදුම් අරන් දීම මෙකී තරුණයා විසින් සිදුකොට ඇත..මෙසේ දුප්පත් පවුල් වල ෆේස්බුක්වත් නැති දෙමාපියන් අත දිග හැර වියදම් කර රවටාගෙන ( විශේශයෙන් මව් වරුන්ට තෑගි බෝභ ලබාදී) එකම දරුවාගෙන් අවස්ථා කිහිපයකදි යම් යම් ස්ථාන වලට රැගෙන ගොස් මොහු විසින් ජායාරූප ගැනීම සිදුකරයි..දෙමාපියන් මේ ජායාරූප පලවෙන්නෙ කොහිදවත් යන්න ගැන ඇතැම් අවස්ථා වල නොදැන සිට ඇත..මෙවන් ජායාරූප සෙශන්ස් අතරතුර දෙමාපියන් බලා සිටි නම් ඔහු දෙමාපියන්ට පවසන්නෙ” අම්මයි තාත්තායි බලන් ඉඳියම බබා නර්වස් වෙනවා ඔයාලා අහකට වෙලා ඉන්න මන් ෆොටෝස් අරන් කියන්නම් යනුවෙනි”බොහෝ අඩනිරුවත් ජායාරූප ඔහු ලබගෙන ඇත්තෙ මෙසේ දෙමාපියන්ගේද ඇස් වසාය..මෙසේ ගන්නා ජායාරූප වලින් මොහු එම පිටුවෙ පලකරන්නෙ 25% කි. ඒ යම් දෙමාපියෙක් ඒ ගැන විමසුවහොත් හෝ ඔහුගේම ආරක්ශාව පිණිස පෙන්වීමට දෙයක් අවශ්‍ය නිසාය. මෙසේ ගන්නා ජායාරූප වලින් 75% ක්ම ඔහු විසින් ඩාර්ක් වෙබ් එකට හෝ ඉල්ලුමක් ඇති පුද්ගලයින් වෙත අලෙවි කර ඇති බවට මේ වන විට තොරතුරු අණාවරණය වෙමින් පවති . වගකිව යුතු බලධාරින් ඒ පිලිබඳ දැනට විමර්ශ පවත්වයිමෙහි භයානකම කාරණාව මෙසේය..මේ ඇතැම් පවුල් වල දරුවන්ගෙ එක ජයාරූප සෙශන් එකකට හෝ දෙකකට පසුව සතියකට දෙකකට පසු මොහු එම නිවෙස් වලට ගොස් මෙසේ පවසා ඇත” සිංගප්පුරු තරඟෙට යවපු ඔයාගෙ බබාගෙ ෆොටෝස් සිලෙක්ට් වෙලා. දැන් බබාට ඒ තරඟෙට සහභාගි වෙන්න සිංගප්පුරු යන්න වෙනවා.මම ඒ ගැන ලියකිවිලි හදන්නම්. වීසාත් අරගන්නම්.. මුලින්ම එක්කන් යන්න වෙන්නෙ බබාව විතරයි.. අම්මව ඕනෙ නම් තරඟෙ අතරතුරදි ගෙන්ව ගන්නම්..( දෙමාපියන් නොමැතිව දරුවන් රටින් පිටවන්නෙ නම් ගුවන්තොටුපල විසින් අපේක්ෂා කරන සහතික කිහිපයක් ඇත. මෙවන් ලියකියවිලි ව්‍යාජව තනා මෙරටින් තනි පංගලමෙ දරුවන් සිංගප්පුරුවට මින් පෙර ගෙන ගොස් ඇත් දැයි අප මේ වන විට සොයා බලමින් සිටිමු) මෙකී කතාවට බොහෝ දෙමාපියන් රැවටි ඇති අතර සිංගප්පුරු යන්න බබාට ඇඳුම් ගන්න යැයි පවසමින් දරුවන් සහ දෙමාපියන් සාප්පු චාරිකා රැගෙන ගොස් සම්පත් විසින් ඔවුනට දහස් ගණන් වියදම්ද කර ඇත. අප සම්බන්ධ කරගෙන කරුණු විමසා බැලු බොහෝ දෙමාපියන්ට සිදුවී තිබුනේ මේ එකම සිදුවීමයිමේ සම්බන්ධව මා පලකල පෝස්ට් වලින් පසුව මොහු දෙමාපියන් කිහිප දෙනෙක් හමුවීමට කඩිමුඩියේ ගොස් ඔවුන්ට පවසා තිබුනේ මෙසේය@ මම බබාලාගෙ ෆොටෝස් යවන තරඟෙටම තවත් ලංකාවෙ ඩිරෙක්ටර් කෙනෙක් ෆොටෝස් යවනවා . එයාගෙ ෆොටෝස් සිලෙක්ට් උනේ නැති නිසා එයා මේ දවස් වල මට විරුද්ධව මඩ ප්‍රහාරයක් ගෙනියනවා.. ඒවාට අහු වෙන්න එපා. කවුරු හරි කෝල් කරලා මන් ගැන විස්තරඇහුවොත් කිසි දෙයක් කියන්නත් එපා”මෙසේ මේ සිදුවීම මා සමාජ ගත කල පසු ඔහු කඩිමුඩියේ පවුල් කිහිපයක් වෙත ගොස් කිසිවක් කාටවත් නොකියන ලෙස පවසා 15000 බැගින් අත මිට මොලවා පැමිණ ඇතමේ සම්බන්ධව හා තවත් සිදුවීම් ගැන ජයාරූප ලබාගත් සමහර දරුවන්ගෙ දෙමාපියන් සමඟ මා කතාබස් කල අතර ඔවුන් අනාවරණය කල සියලු වැදගත් තොරතුරු වල පටිගත කල හඬපට මා සතුය. අදාල දෙමාපියන් සහ දරුවන් සමඟ මොහු විවිධ ස්ථාන වල චාරිකාද ගොස් ඇති අතර ඒ ජායාරූප ද මා සතුය. මේ සියල්ල ඔහු කර ඇත්තෙ දෙමාපියන් ශේප් එකෙ තබාගැනිමටයි.මේ බොහෝ දෙමාපියන් ෆේස්බුක් ‍යන නමවත් අසා නැති අයය. සමහරු ගමේ අය සමඟ පවා දරුවාට ඉල්ලමක් පෑදි ඇති බවට පම්පෝරි ගසා තිබු අයයිහිතවතුනි,,මොහු විසින් කරගෙන ගිය ජාවාරම සිතා ගැනිම ඔබට අපහසුද?1) සිංගප්පුරුවට දරුවන් තනිව රැගෙන යාම ඔහු කිසියම්ම මාර්ගයකින් සිදු කොට ඇත්ද? 2) අදාල පවුල් වලට දහස් ගනන් ගෙවන්නට ඔහුට මුදල් කොහෙන්ද? යම් ප්‍රතිලාභයක් රහිතව ඔහු එසෙ වියදම් කරයිද?3) ලමා නිවාස වල සිටින දැරියන් ඔහු විසින් අවභාවිතා කොට ඇද්ද? ඒවයෙ පාලනාධිකාරින් සමඟ මොහුට යටි ගණුදෙනු තිබුනාද?4) මොහු මේ ජායාරූප විකුණා ඇති ජාත්‍යන්තර වෙබ් අඩවි මොනවාද?යන්න ගැන අප තවදුරටත් සොයා බලමින් සිටිමු..මේ සිංගප්පුරු තරඟය තනිකරම මනස්කල්පිත එකකි..මේ ජාවාරමට තව පාර්ශව කීපයක් ඔහුගෙ සහෝදරයාද ඇතුලුව සම්බන්ධ බවට අපිට දැනට තොරතුරු ලැබෙමින් පවති..මා මෙහි සඳහන් කලේ කාරණා දැනට කිව හැකි ප්‍රමාණයට පමණි..අවසන් දින කිහිපයේ මොහු විවිධ ස්ථාන වල සැඟවී සිට ඇත..තවත් මේ පිලිබඳ තොරතුරු අදාල නිලධාරින් සොයාගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.. ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට මම ඕනෑම අවස්ථාවක ඉතා කැමෑත්තෙන් ඉදිරිපත් වෙමි.මේ තොරතුරු සොයාගැනීමට Dinuka Jayasinghe මට විශේශ සහයෝගයක් දැක්විය. තව බොහෝ දෙනා මේ ගැන මට උදව් උපකාර කල අතර ඔවුන්ගෙ මතු ආරක්ශාව උදෙසා මම නම් නොකියා උනත් ඒ සෑම සියලු දෙනාට හදවතින්ම ස්තුතී වන්ත වෙමි!

උපුටාගැනීම chanya herath ෆේස්බුක් පිටුවෙනි