32 C
Colombo
Friday, May 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබූකිනා ෆාසෝ හමුදාව රාජ්‍ය බලය අල්ලයි

බූකිනා ෆාසෝ හමුදාව රාජ්‍ය බලය අල්ලයි

ජනාධිපති රෝච් කබොරේ නෙරපා තමන් බලය අල්ලාගත් බව බූකිනා ෆාසෝ හමුදාව පවසයි.

රට තුළ ආරක්ෂක තත්ත්වය දුර්වලවීම හේතුවෙන් තමන් එම පියවර ගත් බව එරට ජාතික විද්‍යුත් නාලිකා ඔස්සේ නිවේදනයක් නිකුත්කරමින් හමුදා නිලධාරියෙක් ඒ බව පැවසීය.

රට තුළ වර්ධනය වෙමින් පවතින ඉස්ලාම් අන්තවාදය පාලනයට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බව එරට හමුදා නායකයෝ චෝදනා කරති. ජනාධිපතිවරයා කොහේ සිටීදැයි යන්න හෙළිකර නොමැති අතර හමුදාව පවසන්නේ තම භාරයට ගත් සියලුදෙනා ආරක්ෂාකාරීව සිටින බවයි.