― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsපොලිස් සැරයන්ගේ කැබ් රථය පෙරළෙයි

පොලිස් සැරයන්ගේ කැබ් රථය පෙරළෙයි

හබරණ පොලිසියේ රථවාහන අංශයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු පැදවූ කැබ් රථයක් අද අලුයම 2.00ට පමණ ගලෙන්බිඳුණුවැව කැකිරාව B 133 මාර්ගයේ යකල්ල මෙගොඩවැව ප්‍රදේශයේ දී අනතුරකට ලක්වී තිබෙනවා.

අනතුරට ලක්වන අවස්ථාවේදී කැබ් රථයේ ගමන් ගෙන තිබුණේ පොලිස් සැරයන්වරයා පමණක් වන අතර අනතුරෙන් ඔහුට කිසිදු හානියක් සිදුවී නැහැ. ගලෙන්බිඳුණුවැව සිට හබරණ බලා ධාවනය වූ කැබ් රථයේ වේගය පාලනය කල ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ ගසක ගැටී ඇති බව පොලිසිය පැවසුවා.

විවාහ මංගල උත්සවයකට සහභාගී වී ආපසු එමින් තිබියදී කැබ් රථය අනතුරට ලක්වී තිබුණා.