ෆයිසර් එන්නත මගින් නිසරුභාවය, ලිංගික බෙලහීන තත්ත්වය සහ ඔසප් චක්‍රයේ ගැටලු වැනි රෝගී තත්ත්වයන් ඇති නොවන බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ කායික වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ශර්මිලා ද සිල්වා මහත්මිය පවසයි.
ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
මෙවැනි සත්‍යතාවකින් තොර මිත්‍යා විශ්වාස නිසා තරුණ ප්‍රජාව එන්නත් ලබා ගැනීම සඳහා දැඩි මැලිකමක් දක්වන බවත් වෛද්‍යවරිය පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරිය,
“අපිට ලෙඩ්ඩු එනවා සමහර වෙලාවට කොන්දේ කැක්කුමක්, අතේ කැක්කුමක්, බඩේ කැක්කුමක්, දවස් දෙක තුනක් තිස්සේ තියෙන රෝගී තත්ත්වයක් නිසා. ඒගොල්ලෝ හිතනවා මාසෙකට කලින් ගහපු එන්නත නිසා කියලා. ඒ කියන්නේ එන්නතෙන් පස්සේ ඇතිවෙන සෑම රෝගී තත්ත්වයක්ම හිතනවා අර එන්නත නිසා ඇතිවෙලා තියෙන්නේ කියලා. මේක මිනිස්සු අතර තියෙන මිත්‍යා මතයක්. තරුණ පරම්පරාව මේ එන්නත ගන්නවා හොඳටම මදි. නිසරුභාවය, ලිංගික බෙලහීන තත්ත්වය, ඔසප් චක්‍රයේ ප්‍රශ්න ඇතිවීම ෆයිසර් එන්නත නිසා ඇති වෙන ප්‍රශ්න නෙමේ.”