― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදෙස් ආයෝජන ගේන්න තෝරාගත් රටවල් 5කට ප්‍රවර්ධන සන්නාම තානාපතිවරු

විදෙස් ආයෝජන ගේන්න තෝරාගත් රටවල් 5කට ප්‍රවර්ධන සන්නාම තානාපතිවරු

මෙරටට ලැබෙන ඍජු විදෙස් ආයෝජනය ඉහළ නංවාගැනීමේ අරමුණින් තෝරාගත් රටවල් 5ක් සදහා ආයෝජන ප්‍රවර්ධන සන්නාම තානාපතිවරු පස්දෙනකු පත්කිරීමට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පියවර ගෙන ඇත.

ඉන්දියාව වෙනුවෙන් ශිවා සුබ්‍රමනියම්, මැලේසියාව සදහා මෙහොමඩ් හිල්මි කරීම්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් තක්ෂිල ප්‍රේමසිරි, දකුණු කොරියාවේ සන්නාම තානාපති ලෙස සංජීව සුරවීර සහ මහා බ්‍රිතාන්‍යය සදහා කන්නයියා ගජන් යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.

මෙම සන්නාම තානාපතිවරුන් කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් වන අතර එම රටවල ආයෝජකයන් හා ව්‍යාපාරිකයන් අතර පිළිගැනීමට ලක් වුවන් බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම රටවල ආයෝජන ප්‍රවර්ධනය සඳහා මෙම සන්නාම තානාපතිවරුන්ට අවස්ථාව ලැබෙන අතර ඔවුන්ට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග සෘජුවම කටයුතු කළ හැක.