ප්‍රේමණීය අලි යුවළක් මැදට ආ තුන්වැන්නෙක් නිසා කලාවැව වනෝද්‍යානයේ ඇතුන් දෙදෙනෙකු අතර ද්වන්ත සටනක් ඇති වී තිබෙනවා.
එම සටනින් කලාවැව ජාතික වනෝද්‍යානයේ “බරණ” නම් දළපූට්ටු ඇතා තුවාල ලබා තිබෙනවා.
අනුරාධපුර-පණ්ඩුලගම වනජීවි පශු වෛද්‍ය නිලධාරීන් තුවාල ලැබූ ඇතාට ප්‍රතිකාර කිරීම අරඹා තිබෙනවා.
වයස අවුරුදු 40 පමණ වන පහර කෑ ඇතාගේ සිරුරේ ස්ථාන කිහිපයක තුවාල සිදු වී තිබුනත්, ඇතා බේරාගැනීම ට හැකියාවක් පවතින බව පශු වෛද්‍ය නිලධාරීන් වැඩි දුරටත් පැවසුවා.
තුවාල ලැබූ දළපූට්ටුවා කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටි ඇත් පන්තියේ වැඩි සංචාරක ආකර්ෂණයක් දිනූ හස්තියෙක් බව ද පැවසේ.
තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින ඇතාගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් ගනේවල්පොල වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය මඟින් සිදු කරනවා.
සහකාරිය සොයා යන අවස්ථාවල දී අලි, ඇතුන් අතර මෙවැනි ද්වන්ත සටන් ඇතිවන බව ස්වාභාවික කරුණකි.