30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල විදුලි බලාගාර රැසක ජල මට්ටම පහළට

ජල විදුලි බලාගාර රැසක ජල මට්ටම පහළට

විදුලි බලාගාර සඳහා ජලය ලබාගන්නා ජලාශ රැසක ජල ධාරිතාව (25) අලුයම 6 වන විට තවදුරටත් පහළ බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 120ක් වන අතර මේ වන විට එම ජලාශයේ ජලය අඩි 80.9 දක්වා පහළ බැස ඇත. කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 වන අතර මේ වන විට එම ජලාශයේ ජලය අඩි 134 දක්වා ජලය පහළ බැස ඇත.

ලක්ෂපාන ජලාශයේ වේල්ලේ උස අඩි 82 වන අතර එහි ජල ධාර්තාව අඩි 75.2 දක්වා පහළ බැස ඇත. විමලසුරෙන්ද්‍ර ජලාශයේ වේල්ලේ උස අඩි 91 වන අතර එහි ජල ධාරිතාව අඩි 86.8 දක්වා පහළ ගොස් ඇත.

කැනියොන් ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තවත් මාස කිහිපයකට තාවකාලිකව නතර කර ඇති බවත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සමාන්‍ය පරිදි සිදු කරන බවත් එම විදුලි බලාගාර ඉංජනේරුවන් අවධාරණය කරයි.