33.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන තානාපති සහ නැගෙනහිර ආණ්ඩුකාරවරිය තෙල් බෙදයි

චීන තානාපති සහ නැගෙනහිර ආණ්ඩුකාරවරිය තෙල් බෙදයි

මෙරට ගොවි ජනතාවට නොමිලයේ බෙදාදීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කල  ඉන්ධන බෙදාහැරීමේ නිළ උත්සවය ශ්‍රී ලංකාවේ චීන තානාපති  Qi Zhenhong  මහතා  සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ත්‍රිකුණාමලය කුච්චවේලි ඉන්ධන පිරිවුම්හලේදී පැවැත්විණි.

ගොවි ජනතාවට චීන රජය විසින් පරිත්‍යාග කල මුළු ඉන්ධන ප්‍රමාණය ලීටර් මිලියන 6.98 කි. ඒ අතරින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි පවුල් සඳහා බෙදාදීමට නියමිත ඉන්ධන ලීටර් ප්‍රමාණය ලක්ෂ 03කි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත ඉන්ධන ලබාගැනීම සඳහා ගොවීන්ට ලබා දුන් කූපන් පත් චීන තානාපතිවරයා හා ආණ්ඩුකාරවරිය විසින් එම ස්ථානයේදී බෙදා දුන්හ. ඉන් අනතුරුව ගොවීන් කීපදෙනෙකු සඳහා එම ඉන්ධන පිරවුම්හලෙන්  ඉන්ධන නිකුත් කිරීමද ආණ්ඩුකාරවරිය හා චීන තානාපතිවරයා විසින් සිදු කිරීම විශේෂත්වයකි.