30 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවසක නිධන් හෑරූ තිදෙනෙක් අත්අඩංගුවට

නිවසක නිධන් හෑරූ තිදෙනෙක් අත්අඩංගුවට

කන්තලේ බෝගස් හන්දිය ප්‍රදේශයේ නිවසක නිධානයක් ඇතැයි පවසා කැණීම් කරමින් සිටි පුද්ගලයන් තුන්දෙනෙකු කන්තලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්තලේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මතයි කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් වැටලීම සිදු කර ඇත්තේ.

සැකකරුවන් තුන්දෙනා සමග වතුර මෝටරයක්, අලවංගු කිහිපයක් සහ කැණීම් කිරීම සඳහා යොදාගත් තවත් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් එක් අයෙකු නිවසේ හිමිකරු වන අතර අනෙක් දෙදෙනා ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් හෙට කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.