26.1 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාව පුරා නව රෝගයක් පැතිර යාමේ අවධානමක්

ඉන්දියාව පුරා නව රෝගයක් පැතිර යාමේ අවධානමක්

කොවිඩ් රෝග ලක්ෂණ සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් ඉන්දියාව පුරා පැතිරයමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම උණ වැළඳුණු රෝගීන් බොහෝ දෙනෙකුට ශ්වසන අපහසුතා පවතින බව ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය සහ ඉන්දියානු වෛද්‍ය සංගමය පවසා ඇත.

මෙම රෝගය ඉන්ෆ්ලුවෙන්සා (Influenza A) H3N2 උප වර්ගය ලෙසයි නම් කර ඇති අතර එම උණ සහිත රෝගීන් තුළින් කැස්ස, ඔක්කාරය, වමනය, උගුරෙහි ඇති වන තුවාල සහ පාචනය වැනි රෝග ලක්ෂණ දැකිය හැකි ය.

මින් ආරක්ෂා වීමට සබන් යොදා දෑත් සේදීම, මුහුණු ආවරණ පැළඳීම සහ ජනාකීර්ණ ප්‍රදේශවලට ගමන් කිරීම සීමා කරන ලෙසට ජනතාවට උපදෙස් ලබා දී ඇත.