― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දීය රුපියල ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු කළ හැකි මුදල් ඒකකයක් බවට පත්කිරීමට...

ඉන්දීය රුපියල ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු කළ හැකි මුදල් ඒකකයක් බවට පත්කිරීමට අවශ්‍යයි

ඉන්දීය රුපියල ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු කළ හැකි මුදල් ඒකකයක් බවට පත්කිරීමට අවශ්‍ය බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන වැඩි ඉන්දියානුවන් පිරිසකට එම මුදල් ඒකකය ශ්‍රී ලංකාවේ භාවිත කිරීමට ඉඩ ලැබෙන බවත් විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

ඉන්දියාවේ සංචාරකයකට එක්ව සිටින විදේශ අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ මේ අනුව ඉන්දීය මුදල් ශ්‍රී ලංකාව තුළ තුන්වන මුදල් ඒකකයක් යොදා ගැනීමෙන් තොරව භාවිත කිරීමට ඉඩ ලැබෙන බවත් අලි සබ්‍රි මහතා පවසයි.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීමේදී ඉන්දියාවේ කාර්යභාරය පැසසුමට ලක් කළ විදේශ අමාත්‍යවරයා ඉන්දීය මුදල්වලින් ගෙවීම් සඳහා යෝජනා පිළිබඳව මෙන්ම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් නව දිල්ලිය සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමට සැලසුම් කරන බවද අලි සබ්‍රි මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට සෑම කෙනෙකු සමඟම් වැඩ කිරීමට අවශ්‍ය නමුත් ඒ හරහා කිසිම අවස්ථාවකදී ඉන්දියාවේ ආරක්ෂාවට හෝ වෙනත් අවශ්‍යතා හෑල්ලුවට ලක් කිරීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවැසීය.

“ආර්ථිකයේ ප්‍රමාණය, අසල්වැසි ප්‍රදේශය, එකිනෙකා සමඟ බෙදා ගන්නා ආකාරය නිසා ඉන්දියාවේ සම්බන්ධතාවය අපගේ විදේශ ප්‍රතිපත්තියේ වඩාත්ම වැදගත් සබඳතා වලින් එකක් නොවේ එය වඩාත්ම වැදගත් සබඳතාවයක්” යැයි අලි සබ්‍රි මහතා පවසයි.