28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය ආහාර කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය ආහාර කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක තොග මිල පහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල පහළ ගොස් ඇති බවයි එම සංගමය පවසන්නේ.

ඒ අනුව අර්තාපල්, ලූණු, පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක තොග මිල සියයට 07 කින් පමණ පහළ ගොස් ඇති අතර රුපියල තවදුරටත් ශක්තිමත් වුවහොත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවත් පහළ යාමේ ඉඩකඩක් පවතී.