2010 වසරේ ජනවාරි 24 දින රාත්‍රීයේ කොළඹ ට ආසන්න ප්‍රදේශයක දි මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වුණා.
ඔහුව පැහැර ගැනීමකට ලක් වූ බව සැක කරන අතර, මේ දක්වාත් ඒ පිළිබඳ සම්පූර්ණ සත්‍ය අනාවරණය වී නොමැති අතර,වගකිව යුත්තන් උදෙසා කිසිඳු දඬුවමක් ලබා දී ද නැත.
වසර 12 ක සිට අතුරුදන් වූ තම ස්වාමියා වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ අද (25) පෙරවරුවේ මෝදර කාලි අම්මාන් කෝවිලේ විශේෂ දේව පූජාවකට එක් වුණා.
ඇය මෙම පූජාවට එක් වුණේ වසර 56 වවා සිටි තම කොණ්ඩය මුඩු කරමින් ය.
“ශුද්ධ වූ වීරදම් පූජාව” නමින් හැදින්වූ මෙම පූජාව සිදුකර ඇය ඉල්ලා සිටියේ, වසර 12 අතුරුදන්ව සිටින තම ස්වාමියා වෙනුවෙන් තමන් ට සාධාරණයක් ඉටු කර දී, එම සිදුවීමට සම්බන්ධ සියලු පාර්ශව සඳහා දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස ය.


