― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරියදුරු හිඟයෙන් දුම්රිය ගමන් වාර 24ක් අවලංගුයි

රියදුරු හිඟයෙන් දුම්රිය ගමන් වාර 24ක් අවලංගුයි

අද (06) දිනයේදී ප්‍රාදේශීය දුම්රිය ගමන් වාර 24ක් අවලංගු කර ඇති බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ ඉදිපොලගේ පවසයි.

රියදුරු හිඟය හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදු වූ බවයි ඔහු සඳහන් කළේ.

වයස අවුරුදු 60න් රජයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ ප්‍රතිපත්තිමය තීරණය මත ආසන්න කාලසීමාව තුළ දුම්රිය රියැදුරන් 46 දෙනෙකු පමණ සේවයෙන් විශ්‍රාම ගෙන ඇති අතර එයින් ඇති වූ දුම්රිය රියදුරන්ගේ හිඟය මතයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.