27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරු හිඟයෙන් දුම්රිය ගමන් වාර 24ක් අවලංගුයි

රියදුරු හිඟයෙන් දුම්රිය ගමන් වාර 24ක් අවලංගුයි

අද (06) දිනයේදී ප්‍රාදේශීය දුම්රිය ගමන් වාර 24ක් අවලංගු කර ඇති බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ ඉදිපොලගේ පවසයි.

රියදුරු හිඟය හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදු වූ බවයි ඔහු සඳහන් කළේ.

වයස අවුරුදු 60න් රජයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ ප්‍රතිපත්තිමය තීරණය මත ආසන්න කාලසීමාව තුළ දුම්රිය රියැදුරන් 46 දෙනෙකු පමණ සේවයෙන් විශ්‍රාම ගෙන ඇති අතර එයින් ඇති වූ දුම්රිය රියදුරන්ගේ හිඟය මතයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.