― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙහෙකාර සේවයට ඇවිත් දොස්තරගේ ගේ සුද්ද කළ කතක් අත්අඩංගුවට

මෙහෙකාර සේවයට ඇවිත් දොස්තරගේ ගේ සුද්ද කළ කතක් අත්අඩංගුවට

පුවත්පත් දැන්වීමකට අනුව වෛද්‍යවරයෙකුගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණ නිවසේ දේපළ සොරාගෙන පලාගොස් සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසනවා.

කාන්තාව විසින් එලෙස සොරාගත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනා රන් භාණ්ඩ ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. නාරහේන්පිට රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ වෛද්‍යවරයකු ඔහුගේ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට මෙහෙකාර සේවය සඳහා කාන්තාවක් අවශ්‍ය බව දවමින් සතිඅන්ත පුවත්පතක දැන්වීමක් පළකර තිබෙනවා.

එම දැන්වීමට අනුව පසුගිය පෙබරවාරි 25 වන දින කාන්තාවක් එම නිවසේ මෙහෙකාර සේවය සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. එලෙස පැමිණි කාන්තාව විනාඩි 20ක පමණ කාලයක් එම නිවසේ රැඳී සිට මෙම සොරකම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පසුව අදාළ සොරකම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී හඳුනාගත් සැකකාරිය වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. සැකකාර කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී වෛද්‍යවරයාගේ නිවසින් සොරාගත් දේපළ හෙට්ටිවීදිය රන් භාණ්ඩ අලෙවිසැලකට විකුණූ බවට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එම රන් ආභරණ සොයා පොලිසිය එහි යාමේ දී ඒවා උණුකර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගැනුණු සැකකාරිය 38 හැවිරිදි දෙමටගොඩ සියපත් සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි තැනැත්තියක්.

සැකකාරිය තලංගම, හෝමාගම, අංගොඩ, මහබාගේ, වත්තල, ජාඇල, දෙමටගොඩ, බ්ලූමැන්ඩල් සහ නිට්ටඹුව ප්‍රදේශවල නිවාසවල මෙහෙකාර සේවය සඳහා ගොස් මේ ආකාරයෙන් සොරකම් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.