27.2 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබිරිඳගේ සිරුර කපා වතුර ටැංකියට දැමූ සැමියා

බිරිඳගේ සිරුර කපා වතුර ටැංකියට දැමූ සැමියා

ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්තයේ කාන්තාවක් ඝාතනය කර ඇයගේ සිරුරේ කොටස් ජල ටැංකියකට දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චත්තිස්ගාර් ප්‍රාන්තයේ බිලාස්පූර් ප්‍රදේශයේ පවන් තාකූර් නැමැත්තා තම බිරිඳ සාහුගේ හැසිරීම පිළිබඳව සැක පහළ වී බහින්බස් වීමක් ඇති කරගෙන ඇති බව පැවසේ. මේ තත්ත්වය තුළ තවත් ආරවුලක් හේතුවෙන් කෝපයට පත් ඔහු සිය බිරිඳ ඝාතනය කර ඇයගේ සිරුරු කොටස් කපා නිවස මුදුනේ තිබූ වතුර ටැංකියට දමා තිබේ.

ප්‍රදේශයේ පවතින දුර්ගන්ධය හේතුවෙන් අසල්වාසීන් පොලිසියට පැමිණිලි කර ඇති අතර අනතුරුව පොලිසිය එම ස්ථානයට ගොස් වැඩිදුර විමර්ශනය කිරීමේදී සිරුරේ කොටස් කැබලිවලට කපා ජල ටැංකියේ සඟවා තිබූ බව සොයාගෙන තිබෙනවා.

පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.