25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධම්මික පෙරේරාට නව පත්වීමක්

ධම්මික පෙරේරාට නව පත්වීමක්

පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටවනු ලැබූ ආර්ථික ස්ථායිකරණ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පත් කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මීට අමතරව එම කමිටුව සඳහා වෛද්‍ය ගයාෂාන් නවනන්දන ද පත්කර ඇති බවයි කතානායකවරයා පැවසුවේ.

එමෙන්ම රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා කමිටුව) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උදිතා ප්‍රියශාන්ති සහ මංජුලා දිසානායක යන මහත්මීහු පත්කර ඇති අතර මෙම පත්කිරීම් සිදු කර ඇත්තේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 123 විධිවිධාන ප්‍රකාරවයි.