― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅද වෙනකන් එක බිත්තරයක්වත් ආනයනය කර නැහැ

අද වෙනකන් එක බිත්තරයක්වත් ආනයනය කර නැහැ

අද වනතුරු එක්ක බිත්තරයක්වත් රටට ගෙනත් නැති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ බිත්තර ආනයනය සඳහා ලෝකයේ තිබෙන ඉහළම සහතිකය ලංකාව විසින් ඉල්ලා තිබෙන බවත් එම සහතිකයට අනුව ඉන්දියාවේ එක සමාගමක් බිත්තර ලබාදීමට එකඟ වී ඇති බවත්ය.

බිත්තර පමණක් නොව මෙරට නිෂ්පාදනයේ කඩා කඩාවැටීමක් වුවහොත් ආනයනය කර රටේ ජනතාවට දරාගන්න හැකි ලෙස භාණ්ඩ ලබාදීම වෙළෙඳ අමාත්‍යංශයේ වගකීමක් බවයි ඔහු අවධාරණය කළේ.