― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋතුරේ දිස්ත්‍රික්ක අතර ගවයින් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම අත්හිටුවයි

උතුරේ දිස්ත්‍රික්ක අතර ගවයින් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම අත්හිටුවයි

උතුරු පළාතේ දිස්ත්‍රික්ක අතර ගවයින් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම අත්හිටුවා තිබේ.

පළාතේ ගවයින් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගය පාලනය සඳහා මේ පියවර ගත් බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ.

වසූරිය වෛරස් කාණ්ඩයට අයත් වෛරසයකින් ව්‍යාප්ත වන මෙම රෝගයට ගොදුරු වූ ගවයින් 25 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට මියගොස් ඇති බව ද ඇය සඳහන් කළා ය.