රුපියල ස්ථාවර වීම හේතුවෙන් තේ වෙළඳපොළ පහත වැටී ඇති බව තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සමස්ත අපනයන කර්මාන්තයටම එය බලපෑම් එල්ල කර ඇති බැවින් තේ වෙළඳපලට ද එය ඍජු ලෙස බලපා ඇති බවයි.
අමු තේ දළු සඳහා ගෙවනු ලබන අමතර ගෙවීම් නතර කිරීමට සිදුවන අතර විදුලිබිල ඉහළ යාම නිසා කර්මාන්තශාලා වියදම ද වැඩි වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.