― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසාගරයට බැහැරවෙන ප්ලාස්ටික් තුන් ගුණයකින් ඉහළට

සාගරයට බැහැරවෙන ප්ලාස්ටික් තුන් ගුණයකින් ඉහළට

2040 වසර වන විට සාගරයට බැහැරවන ප්ලාස්ටික් කැබලි ප්‍රමාණය තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇතැයි නවතම අධ්‍යයනකින් හෙළි වී තිබේ.

ජාත්‍යන්තර විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

වර්තමානය වනවිට ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 171කට අධික ප්‍රමාණයක් ගෝලීයව සාගර ජලය මත පාවෙමින් පවතින බව මෙම අධ්‍යනයෙන් හෙළි වී තිබේ. 2005 වසරේ සිට සාගර ජලයට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණයේ වේගවත් වර්ධනයක් දක්නට ලැබෙන අතර හදිසි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයකින් තොරව මෙලෙස ප්ලාස්ටික් එක්වීම වැළැක්විය නොහැකි බවයි අදාළ විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ.