32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරෝහිතගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඩොලර් හොරකම් කරලා

රෝහිතගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඩොලර් හොරකම් කරලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් පතකින් ඩොලර් 400ක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය ඊයේ (09) අධිකරණයට දැනුම් දුන්නේය.

තමා කොළඹ 7, විජේරාම මාවත, අංක 117 නිවසට අමතරව අංක 184, දූව පාර, බැද්දගාන, කෝට්ටේ ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිටින බවත්, තමා ඉකුත් මාර්තු 3 වැනි දින මාතර නිවසට පිටව ගිය බවත් ඒ අතරතුරදී තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත වැටී ඇති බවත් සඳහන් කරමින් රෝහිත රාජපක්ෂ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

කිසියම් පුද්ගලයකු තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත උපයෝගී කරගෙන ඔන්ලයින් ක්‍රමය යටතේ ඉකුත් මාර්තු 5 වැනිදා පෙරවරු 10.07 ට ඩොලර් 167 ක්ද, මාර්තු 6 වැනිදා දහවල් 12.21 ට ඩොලර් 67 ක්ද, එදිනම පස්වරු 2.01 ට ඩොලර් 99 ක්ද ලබාගෙන ඇතැයිද ඉකුත් මාර්තු 7 වැනිදා පෙරවරු 10.58 ට ජාවත්ත ප්‍රදේශයේ අවන් හලකින් ඩොලර් 54 ක් වියදම් කර තිබූ බවත් ඉන්පසුව තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත අවලංගු කර ඇති බවත් සඳහන් කරමින් රෝහිත රාජපක්ෂ එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත උපයෝගී කරගෙන ලබාගෙන ඇති මුදල්වල වටිනාකම මෙරට මුදලන් රුපියල් 105000 ක් වන බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශනය කර තමාගෙන් ලබාගත් මුදල් නැවත ලබාදෙන ලෙසට ඉල්ලමින් ප්‍රකාශයක්ද ලබාදෙමින් රෝහිත රාජපක්ෂ නාරාහේන්පිට පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.