29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉතාලි රැකියා සඳහා සෘජුවම අයදුම් කරන්න බෑ

ඉතාලි රැකියා සඳහා සෘජුවම අයදුම් කරන්න බෑ

වාර්ෂිකව ඉතාලි රජය විසින් ලබාදෙනු ලබන කෝටා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකිකයන්ට සෘජුවම අයදුම් කළ නොහැකි බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුම් දී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එම රැකියා සඳහා අයදුම් කිරීම ඉතාලියේ සිටින සේවා යෝජකයින් සහ ව්‍යාපාරික සමාගම් විසින් සිදු කළ යුතුව ඇති බවයි තානාපතිවරයා දැනුම් දී ඇත්තේ.

එමෙන්ම මෙම රැකියා ලබාගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට මුදල් ලබාදීමෙන් වැලකී සිටින ලෙසත් කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.