27.8 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ක්‍රමයට ආනයනය කළ වාහන රේගුවෙන් නිදහස් කෙරේ

නව ක්‍රමයට ආනයනය කළ වාහන රේගුවෙන් නිදහස් කෙරේ

විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහන ඊයේ (09) සිට ආරම්භ කර තිබේ.

එලෙස ශ්‍රී ලංකාව වෙත ගෙන්වන ලද වාහන රේගුව විසින් නිදහස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ පසුගිය වසර අවසානය වනවිට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 475 දක්වා වර්ධනය වී ඇති බවත් එලෙස විදේශ ප්‍රේෂණ වැඩිවීමට මෙම වැඩපිළිවෙල ඉවහල් වී ඇති බවත්ය.

අදාළ විද්‍යුත් වාහන ගෙන්වීමේදී ගෙවිය යුතුවන බදු මුදල් විදේශ ව්‍යවහාර මුදල් ඒකකයකින් ගෙවීමද සිදුකළ යුතු වන අතර මෙම වැඩපිළිවෙල සඳහා විදෙස් ශ්‍රමිකයින්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී ඇති බවයි අමාත්‍යවරෞආ පැවසුවේ.