― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeWorldචාර්ල්ස් රජු විසින් එඩින්බර්ග්හී නව ආදිපාදවරයා නම් කරයි

චාර්ල්ස් රජු විසින් එඩින්බර්ග්හී නව ආදිපාදවරයා නම් කරයි

බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජු සිය බාල සහෝදරයා වන එඩ්වඩ් කුමරු එඩින්බර්ග්හි නව ආදිපාදවරයා ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව තම සොහොදරයාගේ 59 වැනි උපන්දිනයේදීයි.

ඔවුන්ගේ පියා වන අභාවප්‍රාප්ත පිලිප් කුමරු අවසන් වරට දැරූ පදවිය ඔහුට එලෙස ප්‍රදානය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චාල්ස් කුමරු රාජ්‍යත්වයට පත් වූ දා සිට නව පදවි නාමයක් පිරිනැමූ රාජකීය පවුලේ නවතම සාමාජිකයා බවට පත් වන්නේ, 59 හැවිරිදි එඩ්වඩ් කුමරු වන අතර චාල්ස් රජුගේ වැඩිමහල් පුත්‍රයා සහ සිංහාසනයේ උරුමක්කාරයා වන විලියම්, වේල්සයේ කුමරු වෙනවා.

ඔහුගේ දෙවන පුත් හැරී සහ හැරීගේ දරුවන්, රජ පවුලෙන් ඉවත් වීමත් සමඟ තවදුරටත් වැඩ කරන රාජකීයයන් ලෙස නොසැලකෙනු ඇති.