― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsවිෂ දුමාරයකින් ලංකාව වැසී යයි

විෂ දුමාරයකින් ලංකාව වැසී යයි

ලංකාවේ බොහෝ ප්‍රදේශවල නැවත වරක් වායු දූෂණ තත්ත්වය තරමක් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

සංවේදී පුද්ගලයන්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් එල්ල විය හැකි බවත් මුහුණු ආවරණ භාවිතය මගින් එම තත්ත්වය මග හරවා ගත හැකි බවත් එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරයේ එම අගය 149ක් ලෙස සටහන්ව තිබූ අතර පසුගිය දින කිහිපයට සාපේක්ෂව කොළඹ නගරය තුළ අඳුරු පැහැ තත්ත්වයක් පැවැති බවයි එම සංවිධානය සඳහන් කළේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 83ක අගයක් වාර්තා වී තිබුණ ද සෙසු සෑම දිස්ත්‍රික්කයක ම එම අගය සියය ඉක්මවා ගොස් තිබුණු බවත් පුත්තලම නගරය තුළ එම අගය 149ක් ද, ගාල්ල, කරාපිටිය සහ පොළොන්නරුව නගරය තුළ එම අගය 143ක් ලෙස ත් සටහන් වූ බවත් එහි දක්වා ඇත.