― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසරණ ගුණවර්ධනට ඇප

සරණ ගුණවර්ධනට ඇප

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන අවභාවිතා කළ බවට චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ ඔහුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් හා රුපියල් ලක්ෂ 10ක පුද්ගලික ඇප දෙකක් මතයි.

2006 වසරේ අගෝස්තු මස 01 වනදා සිට 2007 වසරේ ජූලි 31 වන දින දක්වා කාල සීමාව තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සතු වාහන තුනක් අවභාවිත කළ බවටත් එමගින් රුපියල් ලක්ෂ 24 කට ආසන්න මුදලක් රජයට පාඩු කල බවටත් චෝදනා කරමින් දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

නඩුව නැවත කැඳවනු ලබන්නේ මැයි මස 08 වනදායි.