32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅපරාධකරුවෙක්ට රටින් පනින්න සහය දුන් 04කට වැඩ වරදී

අපරාධකරුවෙක්ට රටින් පනින්න සහය දුන් 04කට වැඩ වරදී

කටුනායක පොලිස් අත්අඩංගුවේ සිටියදී මිනීමැරීම් චෝදනා එල්ල වූ සැකකරුවෙකුට පැන යෑමට උදව් කළ තවත් හතර දෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ප්‍රධාන සැකකරුට පොලිසියෙන් පැන යෑමට ප්‍රවාහන පහසුකම් සපයා ඇති අතර එම පහසුකම සපයාදීමට හා අත්අඩංගුවට ගත් සැකකරුවන් විවිධ ප්‍රදේශවලට යෑමට භාවිත කළ මෝටර් රථ දෙකක්ද පොලිසිය භාරයට ගැනුණා.

මීගමුව, මිනුවන්ගොඩ සහ කටුවැල්ලේගම පදිංචි එම සැකකරුවන් 04 දෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.