30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාන් මිල තවදුරටත් අඩු කළ හැකියි

පාන් මිල තවදුරටත් අඩු කළ හැකියි

පාන් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන කියා සිටියේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මිල තවදුරටත් අඩු කළ හැකි බවයි.

ඒ අනුව තිරිඟු පිටි සමාගම් විසින් පසුගියදා පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 15කින් අඩු කිරීමත් සමඟ ග්‍රෑම් 450ක් බරැති පාන් ගොඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමටයි එම සංගමය පියවර ගනු ලැබීය.