උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
අමාත්‍යවරයා ආහාර ආනයනකරුවන්ට දැනුම් දෙන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුවීමේ වාසිය මහජනතාවට ලබාදෙන ලෙසටයි.
මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළ ගියහොත් පාන් මිල තව අඩුකළ හැකි බව බේකරි හිමියන්ගේ සංගමය පැවසුවා.
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 15 කින් අඩුවීමත් සමග ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කිරීමට ඔවුන් මීට පෙර කටයුතු කළා.