23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමැඩගස්කර මුහුදේදී බෝට්ටුවක් පෙරළී 22ක් ජීවිතක්ෂයට

මැඩගස්කර මුහුදේදී බෝට්ටුවක් පෙරළී 22ක් ජීවිතක්ෂයට

මැඩගස්කරයේ සිට ප්‍රංශයේ මයෝට් දූපත දක්වා නීතිවිරෝධී ලෙස ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙරළබඩ ගලවා ගැනීමේ නිලධාරීන් වහා මුහුදට බැස මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත වීම හේතුවෙන් මුහුදේ ගසාගෙන ගිය අය නිරුපද්‍රිතව බේරාගෙන ගොඩබිමට ගෙන ඒමට සමත් වී තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් බේරාගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

මෙම බෝට්ටුවේ පුද්ගලයින් 47 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්. අතුරුදන් වූවන් සොයා කිමිඳුම්කරුවන් වැඩිදුර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.