28.4 C
Colombo
Saturday, June 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldමැඩගස්කර මුහුදේදී බෝට්ටුවක් පෙරළී 22ක් ජීවිතක්ෂයට

මැඩගස්කර මුහුදේදී බෝට්ටුවක් පෙරළී 22ක් ජීවිතක්ෂයට

මැඩගස්කරයේ සිට ප්‍රංශයේ මයෝට් දූපත දක්වා නීතිවිරෝධී ලෙස ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙරළබඩ ගලවා ගැනීමේ නිලධාරීන් වහා මුහුදට බැස මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත වීම හේතුවෙන් මුහුදේ ගසාගෙන ගිය අය නිරුපද්‍රිතව බේරාගෙන ගොඩබිමට ගෙන ඒමට සමත් වී තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් බේරාගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

මෙම බෝට්ටුවේ පුද්ගලයින් 47 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්. අතුරුදන් වූවන් සොයා කිමිඳුම්කරුවන් වැඩිදුර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.