― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeWorldබලු සුරතලා නිසා බ්‍රිතාන්‍ය අගමැති දඩ කයි?

බලු සුරතලා නිසා බ්‍රිතාන්‍ය අගමැති දඩ කයි?

ලන්ඩන් පොලිසිය යළිත් වරක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ට දඩ ගැසීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අග්‍රාමාත්‍යවරයාගේ බලු සුරතලා මුල්කොට ගනිමිනුයි මෙවර දඩ ගැසීමට සූදානම් වන්නේ.

පසුගියදා අග්‍රාමාත්‍ය සුනාක් සිය ආරක්ෂක නිලධාරීන් ද පිරිවරාගෙන, බිරිඳ අක්ෂාතා මූර්ති, දියණියන් සහ ලැබ්‍රඩෝර් වර්ගයේ බලු සුරතලා නෝවා ද සමඟ ලන්ඩන් නුවර හයිඩ් පාර්ක් උද්‍යානයේ ඇවිදීමටගොස් තිබේ.

බලු සුරතලුන් උද්‍යානයට රැගෙන එන්නේ නම්, හිමිකරු එම සතා දම්වැලකින් හෝ පටියකින් හෝ බැදගෙන සිටිය යුතු බවට හයිඩ් පාර්ක් උද්‍යානයේ නීතියක් ඇත. උද්‍යානයේ වනජීවින්ට බලු සුරතලුන්ගෙන් හිංසාවක් පීඩාවක් සිදුවිය හැකි බැවිනුයි ඔවුන් මෙම නීතිය පනවා ඇත්තේ.

කෙසේ නමුත් සුනාක් පවුල ඔවුන්ගේ බලු සුරතලා දම්වැලකින් ගැට නොගසා උද්‍යානයට රැගෙනවිත් සිටි අතර උද්‍යානයේ සිටි පොලිස් නිලධාරිනියක, අග්‍රාමාත්‍යවරයා අසළට ගොස් ඒ සම්බන්ධයෙන් ඔහු දැනුවත් කළ අතර සිදු කර වරදට අග්‍රාමාත්‍යවරයාට අදාල දඩ මුදල ගෙවීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.