27.2 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවයඹ පළාතේ ළමා අපයෝජන ඉහළට - ළමා රක්ෂණ අධිකාරිය

වයඹ පළාතේ ළමා අපයෝජන ඉහළට – ළමා රක්ෂණ අධිකාරිය

වයඹ පළාත තුළ ළමා අපයෝජන හා හිංසා ඉහළ ගොස් ඇති බව ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ දිවයින පුරා මහාධිකරණවල විභාග වන ළමා අපයෝජන, හිංසන නඩුවලින් බහුතරය වයඹ පළාතේ ඒවා බවයි.

ඒ අනුව දිවයින පුරා මහාධිකරණවල දැනට ළමා අපයෝජන නඩු 6443ක් පමන විභාග වන බවත් එයින් 543 ක් කුරුණෑගල මහාධිකරණයේ විභාග වන බවත් ඔහු පෙන්වා දෙයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ දත්ත අනුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.

දිවයින පුරා විභාග වන මෙම ඇතැම් නඩුවල වින්දිතයන් ලෙස සාමණේර හිමිවරුන් 59 දෙනකු සිටින බවත් එම සාමණේර හිමිවරුන් ලිංගික අපයෝජනයට ලක්වීම හේතුවෙන් පොලිසිය හා ළමාරක්ෂණ අධිකාරිය මගින් විමර්ශන සිදුකර මහාධිකරණයේ නඩු පවරා ඇති බව සභාපතිවරයා අවධාරණය කළේය.