― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsත්‍රිකුණාමලය කන්නියා උණුදිය උල්පත්වල ආදායම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට!

ත්‍රිකුණාමලය කන්නියා උණුදිය උල්පත්වල ආදායම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට!

ත්‍රිකුණාමලය කන්නියා උණුදිය උල්පත්වල ආදායම් කළමනාකරණය සහ නඩත්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඓතිහාසික හින්දු පුරාවිද්‍යා භූමියක් වන කන්නියා උණුදිය උල්පත් ප්‍රදේශයේ බෞද්ධාගමික කටයුතු සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම තත්ත්වය මත අනුරාධපුර යුගයේ බෞද්ධ නටබුන් සහිත සුවිශේෂී ස්ථානයක් ලෙස කන්නියා උණුදිය උල්පත් පුරාවිද්‍යා භූමිය හඳුනාගත හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

2010 වසරේ සිට කන්නියා උණුදිය උල්පත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින අතර 2011 ඔක්තෝම්බර් 09 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

දීර්ඝ කාලයක් තිකුණාමල පට්ටිනම පරිසර ප‍්‍රාදේශීය සභාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් කන්නියා උණුදිය උල්පතේ ආදායම් කළමනාකරණය සහ නඩත්තු කටයුතු සිදු කරන ලදී.

මෙම තත්ත්වය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වී කන්නියා උණුදිය උල්පතෙන් ලැබෙන ආදායම දෙපාර්තමේන්තුවේ ගිණුම හරහා රජයේ ආදායමට එක් කිරීමට පියවර ගෙන ඇත.

ත්‍රිකුණාමලය ප්‍රාදේශීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආදායම් කළමනාකරණ හා නඩත්තු කටයුතු පසුගිය 01 වැනිදා සිට ආරම්භ කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.