31.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුඩු සළිඳුගෙන් අධිකරණයට පෙත්සමක්

කුඩු සළිඳුගෙන් අධිකරණයට පෙත්සමක්

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනැවිත් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශික හෙවත් ‘කුඩු සළිඳු’ අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

ඔහුගේ ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මෙම පෙත්සම පිළිබඳ ලබන 20 වැනිදා ස්ථාවරය දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත.

අත්අඩංගුවේ පසුවන සළිඳු මල්ශිකගේ මව විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.