27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුද පෙරමුණට රුසියානු කාන්තා සිරකාරියන්

යුද පෙරමුණට රුසියානු කාන්තා සිරකාරියන්

යුක්‍රේනය හමුවේ ලබා ඇති දරුණු පරාජයන් සහ ජිවිත අහිමිවීම් හේතුවෙන් මේ වන විට සිරගතව සිටින කාන්තා රැඳවියන් යුද පෙරමුණට යොමු කිරීමට රුසියාව තිරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සතියේදී රුසියානු සොල්දාදුවන් දහසකට අධික සංඛ්‍යාවක් මියයෑම හේතුවෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේදී යුක්රේනයයේ Donetsk පළාතේ යුද පෙරමුණට පළමු වරට දුම්රිය ඔස්සේ කාන්තා සිරකාරියන් පිරිසක් යොමු කිරීමට රුසියාව කටයුතු කර ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.

මෙලෙස යුද පෙරමුණට යොමු කරනු ලබන කාන්තා සිරකාරියන්, රුසියානු හමුදා සෙබළුන් සඳහා අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා වන සැපයුම් අංශවල රාජකාරී සඳහා යෙදවීමට පියවර ගෙන ඇතැයි සඳහන්.

මේ අතර විවිධ දරුණු ගණයේ අපරාධ සඳහා වැරදිකරුවන් වී සිරගතව සිටින සිරකරුවන් ද යුක්රේන යුද පෙරමුණට යැවීමට රුසියානු රජය තීරණය කරනු ලැබුවා.

ඒ අනුව යුද පෙරමුණට යන සිරකරුවන්ගේ සිර දඬුවම් කාලය අත්හිටුවීමට සහ මාස 06ක සේවා කාලයෙන් පසුව ඔවුන් ඉන් නිදහස් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

මෙලෙස යුද පෙරමුණට යන සිරකරුවන් රුසියානු හමුදාවන්ට සහය දක්වන පෞද්ගලික හමුදා සේවාවක් වන “වැග්නර්” සමගයි සේවයට යොදවා ඇත්තේ.