― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

ඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

මේ දිනවල රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ 15 දින මෙම පරීක්ෂණයට අදාළව පැමිණිලිකරුවන් සහ වගඋත්තරකරුවන් පරීක්ෂණ සඳහා කැඳවූ බවයි එම කොමිසම කියා සිටියේ. එහිදී මෙම පරීක්ෂණයේ වගඋත්තරකරුවන් වන සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සභාපති, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනයන් නම්කර සිතාසි යොමු කර තිබුණා.

එහෙත් මෙම පරීක්ෂණයේදී තීරණ ගත හැකි මට්ටමේ නිලධාරීන් අදාළ ආයතන නියෝජනය කරමින් සහභාගී නොවීම පදනම් කර ගනිමින් පැමිණිලි විභාගය ලබන 23 වනදාට කල් දමා තිබෙනවා.

ඉතාමත් කඩිනමින් මැදිහත් විය යුතු ජාතිකමය වැදගත්කමක් සහිත ගැටලුවක් ලෙසට රජයේ රෝහල්වල පවතින ඖෂධ හිගය සලකනු ලබන බවයි මානව හිමිකම් කොමිසම නිවේදනය කළේ.

ඒ අනුව කල් ගත කිරීමකින් තොරව ඉතා ඉහළ ප්‍රමුඛතාවකින් මෙම ඖෂධ ගැටලුව විසඳාගත යුතු අතර එබැවින් ඉහත ආයතනවල ප්‍රධානීන් වෙත සිතාසි යොමු කර කැඳවීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයිද කොමිසම සඳහන් කළා.

මෙම පැමිණිල්ලේ පැමිණිලි පාර්ශවය ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කටයුතු කරනු ලබනවා.