ලොව හොඳම ගුවන්තොටුපල ලෙස සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපල යළි තේරී තිබෙනවා.
ඊයේ (15) නෙදර්ලන්තයේ පැවති ස්කයිට්රැක්ස් ලෝක ගුවන්තොටුපළ සම්මාන උළෙලේදි ටැංගි ගුවන්තොටුපළ ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස මෙන් ම හොඳ ම භෝජන පහසුකමි සහිත ගුවන්තොටුපළ සහ ලොව හොඳම විවේක පහසුකම් සහිත ගුවන්තොටුපල ලෙසද සමාන දිනාගත්තා.
හොඳම ගුවන්තොටුපල විස්ස අතර දෙවන ස්ථානයට පත්වුණේ කටාර් රාජ්‍යයේ දෝහා හමාද් ගුවන් තොටුපලයි.තුන්වන ස්ථානයට ජපානයේ ටෝකියෝ හනේදා පත්වුණා.