― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeSportසත්කාරක ඉන්දියාවට ලැජ්ජා සහගත පරාජයක්

සත්කාරක ඉන්දියාවට ලැජ්ජා සහගත පරාජයක්

ඉන්දියාව සමඟ විශාකාපට්නම් හිදී පැවති දෙවන එක්දින තරගය කඩුලු දහයකින් දැවැන්ත ජයක් ලැබීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද (19) හැකියාව ලැබුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 26ක් තුළ ලකුණු 117කට සීමා කරන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී ඉන්දීය පිළ වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ විරාට් කෝලි ලකුණු 31ක් රැස්කළ අතර අක්ෂාර් පටෙල් නොදැවී ලකුණු 29ක් රැස් කළා.

අනෙක් කිසිඳු ඉන්දීය පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකරන්න මෙචෙල් ස්ටාර්ක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී මෙචෙල් ස්ටාර්ක් ඉන්දීය ඉනිමේ කඩුලු 05ක් ලකුණු 53ක් තුළ දවාගත් අතර, වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ඇබට් ඉන්දීය ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 118ක ජයග්‍රාහී පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට අද දින පිටියට පිවිසියේ ට්‍රැවිස් හෙඩ් සමඟින් මිචෙල් මාෂ්.

ඔවුන් දෙදෙනා එක්ව සිය කණ්ඩායම ඉතා පහසු ලෙස ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර, එහිදී මිචෙල් මාෂ් නොදැවී ලකුණු 66ක් සහ ට්‍රැවිස් හෙඩ් ලකුණු 51ක් බැඟින් රැස්කළා.

ඒ, අනුව පන්දුවාර 11 තුළ ලකුණු 121ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගයේ ජය තමන් සතුකර ගත්තා.

ඕස්ට්‍රේලියාවේ මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග එකට එකක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.

දෙරට අතර පෙරේදා (17) පැවති පළමු තරගය මෙවැනිම ආකාරයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසරණ කරමින් ඉන්දීය පිළ කඩුලු 05කින් ජය ගත්තා.